Pages

Ads 468x60px

Recent Posts

Contact Form

Name

Email *

Message *

Latest News

Popular Posts

Featured Posts

Thursday, July 17, 2014

මැලේසියානු යානය: 'හෝඩුවාවකට ඩොලර් මිලියන පහක්'

ඉන්දීය සාගරයට කඩා වැටෙන්නට ඇති බවට විශ්වාස කෙරුණත් යානයේ සුන් බුන් සොයා ගැනීමට හැකි වී නැත
අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව හෝඩුවාවක් ලබා දෙන අයෙකුට ත්‍යාගයක් ලෙස ප්‍රදානය කිරීමට ඩොලර් මිලියන පහක් රැස් කිරීම සඳහා යානයේ සිටි මගීන්ගේ ඥාතීන් පියවර ගෙන තිබේ.
යානයට සිදු වූ දේ පිළිබඳව යම් කෙනෙකු දැන ගෙන සිටින නමුත් එය මෙතෙක් හෙළි දරව් කර නැති බවට අතුරුදහන් වූ මගීන්ගේ ඥාතීහූ විශ්වාස කරති.
අන්තර්ජාල වෙබ් අඩවියක් හරහා ඉහත කී ත්‍යාග මුදල රැස් කර ගැනීමට ඔවුහූ කටයුතු කරමින් සිටිති.
මැලේසියාවේ සිට චීනයේ බේජිං අගනුවර කරා පියාසර කරමින් තිබියදී, MH 370 මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වුණේ මගීන් 239 දෙනකුත් සමඟයි.

යානය ඉහළට නැංවීමෙන් අනතුරුව ඉන්දීය සාගරයට කඩා වැටෙන්නට ඇති බවට විශ්වාස කෙරුණත් මේ දක්වා කරන ලද සෝදිසි මෙහෙයුම් වලින් යානයේ සුන් බුන් සොයා ගැනීමට හැකි වී නැත.

Tuesday, July 15, 2014

smile

smile

චිම්පන්සි භාෂාව හඳුනා ගනී

චිම්පන්සීන් ඔවුනොවුන් අතර අදහස් හුවමාරු කර ගැනීම සඳහා යොදා ගන්නා හස්ත මුද්‍රා සහ ඉරියව් හඳුනා ගත් බව ස්කොට්ලන්ත විද්‍යාඥයෝ පවසති.
උගන්ඩාවේ චිම්පන්සීන් නිරීක්ෂණය කළ මෙම විද්‍යාඥයින් විශ්වාස කරන්නේ නිශ්චිත අදහසක් කියා පාන ඉරියව්, හස්ත මුද්‍රා සහ ක්‍රියා හැට හයක් පමණ හඳුනා ගත් බවයි.
සහකරුවෙකු හෝ සහකාරියක ආකර්ෂණය කර ගැනීමට ශාක පත් ඉරු ලෑටි ගෑම සහ තම අකමැත්ත ප්‍රකාශ කිරීමට රැහේ වෙනත් සාමාජිකයෙකුට තඩි බෑම වැනි දෑ මෙම විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් අතර වෙයි.
හිතා මතා කරන අදහස් හුවමාරුව ප්‍රගුණ කළ එකම සත්ව වර්ගයා මිනිසා පමණක් නොවන බව මෙම සමීක්ෂණයෙන් ඔප්පු වන බවයි ඉහත කී විද්‍යාඥයන් පවසන්නේ.
මෙම නිගමනවලට පැමිණීම සඳහා උගන්ඩාවේ චිම්පන්සින් රූ ගත කරමින් සිදුවීම් පන්දහසක් පමණ පරීක්ෂාවට ලක් කර තිබේ.
ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ආජන්ටිනාව පරාජය කළ ජර්මනිය ලෝක පාපන්දු කුසලානය දිනා ගැනීමත් සමග ජර්මානු පාපන්දු ලෝලීහු එක්සත්ව ප්‍රීති ඝෝෂා නගමින් ජයග්‍රහණය භුක්ති විඳිමින් සිටිති.

බර්ලින් අගනුවර සහ මියුනිච් නුවර වීදි උත්සව සිරියක් ගෙන තිබුණි.
සම්පූර්ණ තරග කාලය වන මිනිත්තු අනූව අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු ලබාගැනීමට අපොහොසත් වූ බැවින් තවත් විනාඩි තිහක් අතිරේක කාලය ලබා දීමට විනිසුරුවරයාට සිදු විය.
එසේ ලබා දුන් අතිරේක කාලයේදී ජර්මන් කණ්ඩායමේ මාරියෝ ගොට්සි එතෙක් පැවති සියලු අවහිරතා බිඳ දමමින් ගෝලයක් වාර්තා කළ මොහොතේ පුළුල් තිර මත තරගය නරඹමින් සිටි පාපන්දු ලෝලීහු එක්වර නැගිට ප්‍රීති ඝෝෂා නැගූහ.
අවසාන මහා තරගය පැවති රියෝ ද ජනෙයිරෝ ක්‍රීඩාංගණයට එක් රැස් වූ බ්‍රසීල පාපන්දු ලෝලීන් ඔවුන්ගේ ප්‍රබල ප්‍රතිවාදියා වන ආර්ජන්ටිනාවට එරෙහිව ජර්මන් පාපන්දු කණ්ඩායමට සහයෝගය පළ කර සිටියහ.
මේ අතර පරාජය විඳ දරා ගත නොහැකිව බලාපොරොත්තු සුන් වූ ආර්ජන්ටිනා පාපන්දු ලෝලීන් පොලිසියට ගල් ගැසූ බවද වාර්තා වේ.
ප්‍රචණ්ඩකාරී පිරිස් වෙත පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.
ලතින් ඇමරිකානු භූමියකදී ලෝක පාපන්දු කිරුළ දිනා ගත් ප්‍රථම යුරෝපා රට වශයෙන් ජර්මනිය ක්‍රීඩා ඉතිහාසයට එක්වෙයි.
 

Sample text

Sample Text

Sample Text

 
Blogger Templates